Thursday, 24 August 2023

අධිලේඛන අධ්‍යයනයෙහිලා තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස පර්යේෂකයන් හට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ලබා දෙන දායකත්වය, Contribution of the National Archives to Researchers as a Resource Center in Epigraphic Studies








හැඳින්වීම

    අතීතයේ සිටම රාජ්‍ය ලේඛනාගාරය භාර නිලධාරියෙකු සිටිය බවට වාර්තා හමුවන අතර 19 වන ශතවර්ෂයට අයත් වාර්තාවට අනුව, 18 වන ශතවර්ෂයේ දී සහ 19වන ශතවර්ෂයේ පළමු දශකයේ දී, මහනුවර රාජ්‍ය මාළිගාවේ ලේඛනාගාරය භාරව ”මහ මොහොට්ටි” (ප්‍රධාන ලේකම්) නමැති නිලධාරියෙකු සේවය කර ඇත. ලේඛනයේ වඩාත් වැදගත් කරුණු  තොරතුරු සුරක්ෂා කිරීමේ දී  වැදගත් ස්ථානයක් වන්නේ පුස්තකාලයයි. ඒ් අනුව පුස්තකාලයක් සතුව පවතින සම්පත් පරිහරණය මෙන්ම ඒ්වායෙහි වැදගත්කමට අමතරව තවත් ස්ථානයක් වන්නේ ජාතික ලේඛනාගාරයයි. ඒ් අනුව ජාතික 
ලේඛනාගාරය තුළින් සමස්ත ජාතිය වෙනුවෙන් සිදු කරන විශාල සේවය සීමා කළ නොහැකිය. ඒ් අනුව ජාතික ලේඛනාගාරයෙහි පවතින වැදගත් තොරතුරු රාශියක් පරිශීලකයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරන අතර එමඟින් පරිශීලකයාගේ පවතින අවශ්‍යතාවය පදනම් කරගෙන ලබා දෙන සේවය පිළිබඳව අධ්‍යයනය කිරීම මෙහිදී වැදගත් ක්‍රීයාමාර්ගයකි. පරිශීලකයාගේ අවශ්‍යතාවයන් මනාව සපුරාලමින් ඔවුන්ගේ ප්‍රධාන කාරණාවන් පිළිබඳව මූලික අවබෝධයකින් යුක්තව කටයුතු කරන ආයතනයක් වශයෙන් ලේඛනාගාරය හඳුන්වා දිය හැකිය. එසේම සුරක්ෂිත කළ යුතු ප්‍රධාන ගණයේ සෑම ලිපි ගොනුවක්ම ලේඛනාගාරය තුළ තැන්පත් කර ඇති අතර එසේම එමඟින් පර්යේෂකයාගේ මූලික 
අවශ්‍යතාවය ද සපුරාලන බව මෙහිදී පැහැදිලිය.

අධිලේඛන සුරක්ෂා කිරීමෙහිලා ලේඛනාගාරයෙහි වටිනාකම

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු්තුව නැතහොත් ජාතික ලේඛනාගාරය ඓතිහාසික හා සංස්කෘතික වටිනාකමකින් යුත් රජයේ හා පෞද්ගලික ලේඛන සම්භාරයකින් සමන්විත වූ ජාතිය සතු අනර්ඝ වස්තුවකි. එසේම ජාතික ලේඛනාගාරයෙන් පාඨක, අධ්‍යාපන, උපදේශක හා ශිල්පීය වශයෙන් මහගු සේවාවන් රැසක් ඉටු කරනු ලැබේ. ලේඛන සම්භාරය හා සේවාවන් පිළිබඳ විමසීම මෙම ලිපියේ අරම ුණයි. මානව වර්ගයාගේ අඛණ්ඩ ඉතිහාසය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ දී ඓතිහාසික මූලාශ්‍රයන් සහ සාධක අර්ථකථනය කිරීම මූලික වශයෙන් වැදගත් වන අතර එවැනි මූලාශ්‍ර පරිශීලනයේදී මානවයාගේ පුළුල් සන්දර්භගත ඉතිහාසයක් මුූලික වශයෙන් හමුවන බව කවුරුත් දන්නා කරුණකි. ඒ අනුව එම තොරතුරු සම්පාදනයෙහි ලා ඉමහත් සේවාවක් සපයන රාජ්‍ය ආයතනයක් වශයෙන් රාජ්‍ය ලේඛනාගාරය 
පෙන්වා දිය හැකිය. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව යනු සංස්කෘතික දායාදයේ කොටසක් ලෙස දැක්විය හැකිය. එය විධිමත් ලෙස කළමනාකරණය කරගනිමින් සංරක්ෂණය කරනු ලබන ආයතනයකි.රාජ්‍ය ලේඛන විධිමත් ලෙස සංරක්ෂණය කිරීම ඉතිහාස පර්යේෂණ වෙනුවෙන් මෙන්ම්මපර්යේෂකයාගේ අවශ්‍යතාවය අනුව ඉදිරිපත් කරන ු ලබන ඕනෑම අවශ්‍යතාවයක් මෙම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව තුළිින් සපුරාලන බව පැහැදිලි වේ. 
    එසේම මහනුවර ශාඛා කාර්යාලය තුලින් ලබා දෙන ප්‍රායෝික දායකත්වය සහ එම දායකත්වය ඉතිහාස පර්යේෂණ ක්‍රියාවලිය මෙන්ම අනෙකුත් කාර්යන්හිදී බලපානු ලබන බව හඳුනාගැනීම පර්යේෂණය සිදු කිරීමේ දී මැනවින් පැහැදිලි වෙයි. එසේම මෙම අධ්‍යයන ක්‍රමවේදය හරහා රාජ්‍ය ජාතික ලේඛනාගාරය හමුවූයේ ලබා දෙන මූලික අවශ්‍යතාවයන් සපුරාලීමේ දී උපාධි පර්යේෂකයන්ට මෙන්ම මහජන ප්‍රදර්ශනය පැවැත්වීම, රජයේ විවිධ ප්‍රකාශන වල සහතික නිකුත් කිරීම, සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු අරමුණු සහ කාර්යයන්ට අදාළ ප්‍රකාශ නිකුත් කිරීම,ශිල්පීය සේවාවන් සැපයීම, ක්ෂණික ඡායාරූප පිටපත් ලබාගැනීම, අධිලේඛන සූක්ෂම ඡායාරූපගත කිරීම,සහ විශාල සේවාවන්  රැසක් ජාතික ලේඛන දෙපාර්තමේන්තුව තුළිිින්  ගෙන යන බව මැනවින් පැහැදිලි වේ.  එවැනි විශාල දායකත්වයක් ලබාදෙන ආයතන පිළිබඳව ඔවුන්  විසිිින් දෙන දායකත්වය සමබරතාවය සහ ඔහුගේ කැප කිරීම පිළිබඳව මෙහිදී මූූූලික අධ්‍යයනයකට යොමු කිරීමට කටයුතු කරනු ලබයි. මේ අයුරින් ජාතික ලේඛනාගාරයෙහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී අතීතයේ සිටම රාජ්‍ය ලේඛනාගාරය භාර නිලධාරියෙකු සිටිය බවට ඓතිහාසික වාර්තා සාක්ෂි දරයි. මැක්ඩොවල්ගේ 19 වන ශතවර්ෂයට අයත් වාර්තාවට අනුව 18 වන ශතවර්ෂයේ දී සහ 19වන ශතවර්ෂයේ පළමු දශකයේ දී, මහනුවර රාජ්‍ය මාළිගාවේ ලේඛනාගාරය භාරව ”මහ මොහොට්ටි” (ප්‍රධාන ලේකම්) නමැති නිලධාරියෙකු 
සේවය කර ඇත.
 
    රාජ්‍ය ලේඛනාගාරය පිළිබඳ තවදුරටත් අවධානය යොමු කිරීමේ දී ජාතියෙහි වැදගත් ලියවිලි සහ අනාගත අවධානය සහ සංරක්ෂෂණය විය යුතු ස්ථානයක් වශයෙන් මෙම ජාතික ලේඛනාගාරය පෙන ්වා දිය හැකිය. එ ් අනුව අන්තර් ජාතික ලේඛනාරක්ෂක කවුන්සිලයේ 1978 යුනෙස්කෝ සංවිධානයට අයත් රටවල් ලේඛනාරක්ෂක දිනයක් පැවැත්වීමට තීරණය කරන්න්නට වූ අතර ඒ් අනුව 1979 දීලංකාවේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වාර්ෂිකව ලේඛනාරක්ෂක සතියක් එ ් වෙනුවෙන් වෙන් කර ඇත. එ ් අනුව වර්තමානය දක්වා ගමන් කිරීමේදී අතීතයේ සිට ගෙවී යන සියලු අතීත තොරතුරු ඉතිහාසයක් ගොඩ නංවන අතර ශතවර්ෂාධික කාලයක් පුරාවට ලියැවුණු ඇතැම් වැදගත් විස්තර සහිතව 
එම සියලුම තොරතුරු සංගෘහිත කරගෙන ඉදිරිපත් කරනු ලබන ්නේ ලේඛනාගාරය තුළිනි. තවද අවධානය යොමු කිරීමේදී මුල්ම ලේඛනාගාරය පිළිබඳව ද අවදානය කළ යුතුය. නූතන ලේඛන ක්‍රමය ක්‍රමවත් ලෙසපවත්වාගෙන පරිපාලනය කරගැනීමේදී ලංකාවට මූලිකවම හදුන්වා  දී ඇත්තේ 1646-1796 කාලසීමාවේ ලංකාව පාලනය කරන ලද ලන්දේසි ජාතිකයන් විසිනි. ඒය 1640 දී ගාල්ලේ පිහිටවූ අතර 1605 කොළඹට රැගෙන යාමෙන් අනතුරුව ලේඛන දෙපාර්තමේන ්තුව 1973 අංක 48 දරණ පනත යටතේ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන ්තුව නමින් පිහිටුවා 1986 දී එය කොළඹ රීඩ් මාවතේ ස්ථාපිත කර ඇත.
        1978 දරන අංක 48 ලේඛනාගාර ආඥා පනතට අනුව අධිලේඛනවල භාරකාරීත්වය දැරීම සහ එ ්වායේ භෞතික තත්ත්වය ආරක්ෂා කිරීම, පර්යේෂණ සහ විමර්ශන කාර්යයන් සඳහා එ ්වා ලබාදීම රාජ්‍ය ආයතන වල ලේඛන සමීක්ෂණය ජනාධිපති අධිලේඛනාගාර පරිපාලන හා විමර්ශන සේවාව මෙරට ප්‍රකාශයට පත්කරන ප්‍රකාශනවල සහ පුවත්පත් වන නීතිමය තැන්පතු කෝෂ්ඨාගාරය ලෙස කටයුතු කිරීම,පෞද්ගලික ලේඛන එකතුව සංරක ්ෂණය හා නාමාවලි ගත කිරීම රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ පුද ්ගලයන්ට ලේඛන සංස්කරණය සඳහා සහාය වීම පූජ්‍ය ස්ථාන වල ලේඛන සංස්කරණය ලේඛන කළමනාකරණය සහ සංරක්ෂණය පිළිබඳ පුහුණු වැඩමුළුව පැවැත්වීම මුද්‍රණාලය මුද්‍රණාලකරුවන් හා ප්‍රකාශකයන් සහ පුවත්පත් සම්බන්ධ ආඥාපනත ක්‍රියාත්මක කිරීම ආදී වගකීම් අනුව මෙම ලේඛනාගාරය තුළින් මූලික වශයෙන් තොරතුරු සම්පාදනයෙහිලා වැදගත් කටයුතු සිදු කරන බැව් මෙමගින් පැහැදිලිය.ජාතික ලේඛනාගාරය පිහිටා ඇති ස්ථානය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන්ම එය කාටත් ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක පිහිටා තිබීම දෘශ්‍යමාන ප්‍රධාන සාධකයක් වශයෙන් පෙන්වා දිය හැකිය. මීට අමතරව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය ලේඛන කළමනාකරණය වෙනුවෙන් අවශ්‍ය කරන උපදෙස් ලබාදීමත් එසේම එම ලේඛන ස්ථිර සංරක ්ෂණය සඳහා රජයේ ලේඛන සමීක්ෂණය කිරීම හා සංරක ්ෂණය කිරීම පර්යේෂණය කිරීම ප්‍රසිද්ධ කිරීම තැන්පත්ව ඇති ලේඛන මහජනතාවට කියැවීමට සැලැස්වීම ශ්‍රී ලංකාවේ මුද්‍රණය වන සියලුම ප්‍රකාශන හා ප්‍රවෘත්ති පත්‍රවල නීතීමය පිටපත් තැන්පත් කිරීමේ සුරක්ෂිතාගාරය ලෙස ක්‍රියාකිරීම  පුද්ගලයින්  සතුව ඇති ලේඛන හා මුද්‍රිත දේවල් සමීක්ෂණය කිරීමෙන් සහ අවශ්‍යද තැන්පතු සඳහා බාර ගැනීම හෝ එ ්වායේ පිටපත් ලබා ගැනීමත්ය.  මේ කරුණු සම්පාදනය කර ගැනීමේ මූලික වශයෙන්ම නීතිමය රාමුවකට යටත්වත්ව ගනු ලබන ඕනෑම තීරණයක්යක තීරණය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු්තුව සහ එසේම එහි ප්‍රධානීත්වය හමුවේ මනා බද්ධතාවයක් පවතින බව පැහැදිලි වේ.
    එපමණක් නොව ඓතිහාසික තොරතුරු සංරක ්ෂණය කිරීමේ දී පුස්තකාල දෙපාර්තමේන්තුවට අමතරව ජාතික ලේඛනාගාරය ඊට හාත්පසින්ම වෙනස් වූ මාර්ගයක ගමන් කරන බව පැහැදිලි වන නමුත් ජාතික ලේඛනාගාරයේ තොරතුරු පර්යේෂකයාගේ අවශ්‍යතාවයට එහි සුහදතාවයෙන් මැනවින් අධ්‍යනය කර එ ්වාට ලබා දෙනු ලබන දායකත්වය ඉතා ඉහළ බව මැනවින් දැකගත හැකිය. 

ජාතික අවශ්‍යතාවයන් සැපයීමේ දී ලේඛනාගාරය සතු සම්පත්

    අධිලේඛනාගාරය සතුව පවතින සම්පත් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඓතිහාසික තොරතුරු ඒ්කරාශී කිරීමෙහි ප්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන් පෙන්වා්වාන අතර එවැනි අය ආයතනයක් තුළ පවතින ඉතාම වැදගත් තොරතුරු විශේෂයෙන්ම ඇතැම් ඉඩම් තොරතුරු සහ අධිකරණමය රාමුවකට යටත්ව තොරතුරු සමූහයක් මෙම සම්පත් අතරට යොමු කළ හැකිය. එහිලා ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව තුළ 1640 සිට 1796 දක්වා ලන්දේසි යුගයේ ලේඛන තැන්පත් කර තිබේ. ලේඛනාගාරය තුළ තැන්පත් කරනු ලබන්නේ ලේඛනයන්හි මුල් පිටපත්ය. ලන්දේසි යුගයේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ පාලකයන් විසින් ලේඛන ගත කරන ලද තෝම්බු මෙහි ආරක්ෂා වී තබා ඇති අතර තෝම්බු වර්ග අතර පවුල් තෝම්බු එකකි. එහි ඇත්තේ ගමේ විසූ පවුල්වල සාමාජිකයන් පිළිබඳ විස්තරයි.  අනෙක් වර්ගය ඉඩම් තෝම්බු වේ. එහි එක් අයකුට අයත් භූමියේ පිහිටීම එහි ඇති කොස් පොල් දෙල් පුවක් ආදි ගස් ප්‍රමාණය සඳහන්ය. මෙහි දෙවැන්න පාසල් තෝම්බුය. මෙහි එන ඉඩම් තෝම්බු හා පවුල් තෝම්බු අදටත් ශ්‍රී ලාංකීය ජනයාට තම අයිතිය තහවුරු කරගැනීම සඳහා වූ නෛතික ක්‍රියාදාමයන්හි දී සාක්ෂි ලෙස උසාවිය පිළිගනී. මේවා අිටපත් වේ. මේවා ලන්දේසි භාෂාවෙන් ලියැවී ඇත. ඉංග්‍රීසි ආණ්ඩු සමයේ රජය නිකුත් කළ සන්නස්, ප්‍රවේණි පංගු ලේඛන, නිලපංගු ලේඛන හා වරිපනම් බදු පිටපත් ද මෙහි තැන්පත් කර ඇත. එ ්වා ද සාමාන්‍ය ජනයාට නීතිමය කටයුතු සඳහා ලේඛනගාරයෙන් ලබා ගැනීමේ හැකියාව තිබේ.මෙහි ඇති පැරණිතම ලේඛන වශයෙන් සාකච්ඡා කළ හැකි ලන්දේසි යුගයට අයත් තොරතුරු සහිත ලේඛන වර්ග රාශියක් ජාතික ලේඛනාගාරය තුළ තැන්පත් කොට ඇති අතර එම අවධියේ පටන් කාලසීමාව ක්‍රමයෙන් තෝම්බු පවුල් ඉඩම් පාසල් වැනි තෝම්බු වශයෙන් ප්‍රධාන වර්ග තුනක් දැකගැනීමට හැකිය.එම ලන්දේසින් විසින් පවත්වාගෙන ආ දේශපාලන මණ්ඩල වාර්තා වලින ් ඔවුන්ගේ මෙරට පාලනය කළ ආකාරය සහ ඔවුන් විසින් නිකුත් කරන ලද නියෝග අඩංගු ප්ලැකාට් නැමැති ලේඛන වර්ගය එසේම ලන්දේසීන් විසින් මහනුවර රජු අතර හුවමාරු වූ ලිපි සහ දූත ගමන් සාකච්ඡා පිළිබඳ විස්තර සටහන් ඒ එ ් දූතයන් තබාගන්නා සටහන් ආදිය මෙන්ම ඉතා රාජ්‍ය රහස් අන්තර්ගත ලිපි ලේඛන සහ යුද්ධ පිළිබඳ විවිධ ලිපි ලේඛන පිළිබඳ දෛනික ලේඛන පිලිබඳවත් බතාවිය සමග හුවමාරු වූ ලේඛන පිලිබඳවත් අධිකරණ තීන්දු ආදී විවිධ සහ ලේඛන සම්භාරයක් ලන්දේසි රාජ්‍ය ලේඛන සහ ලෙස මෙහි තැන්පත් වී ඇත. මේ අයුරින් ජාතික ලේඛනාගාරය තුළ පවතින සම්පත්වල ඉතා වැදගත් බව මැනැවින් තහවුරු 
කරගත හැක්කේ මෙන්ම ජාතියක අවශ්‍යතාවය සහ රටෙහි ඉතිහාසගත තොරතුරු ප්‍රකාශ කිරීමෙහි ලා මෙම ජාතික ලේඛනාගාරය තුළ පවතින සම්පත් ඉහළ අගයක් ගන්නා බව මැනවින් පැහැදිලිය.

    බ්‍රිතාන්‍ය යුගයේ සිට රාජ්‍ය ලේඛන රාශියක් යටත් විජිත කාලය සමග හුවමාරු වැදගත් ලේඛන ද මෙහි තැන්පත්ව ඇත. එසේම එම වැදගත් ලේඛන අතර 1815 උඩරට බ්‍රිතාන්‍යයට පවරා දුන් ගිවිසුම සහ උඩරට කැරැල්ල 1818 සම්බන්ධ ලිපි ලේඛන රාශියක් ද අධි ලේඛනාගාරයේ එහි තැන්පත් කොට ඇත. එසේම බ්‍රිතාන්‍ය ඉඩම් පිළිබඳ ලේඛන ද මෙහි වැදගත් සාධකයක් වශයෙන් සැළකිය හැක්කේ යටත් විජිත රාජ්‍ය සමග හුවමාරු වූ වැදගත් ලේඛන ද මෙහි තැන්පත් ව ඇත. මෙහි තැන්පත් බ්‍රිතාන්‍ය යුගයේ ඉඩම් පිළිබඳ ලේඛනද ඉතාම වැදගත්ය. රජයේ ඉඩම් මහජනතාවට බෙදා දීම, ඉඩම් වල බිහිවීම, ප්‍රමාණය, මායිම්, පවරා දුන් අන්දම, පැරීමට හේතු වූ කරුණු, එ ් පිළිබඳ ආණ්ඩුකාරයාගේ සහ ව්‍යවස්ථාදායක මණ්ඩල වාර්තා, ඉඩම් පිළ ිබඳ නීතිරීති, ම ුල් අයිතිකරුවන ් පිළිබඳ තොරතුරු, ඉඩමෙන ් ලැබෙන ඵලදාව, ඒ්වා සඳහා අයකල බදු, ආදී එකිනෙකට සම්බන ්ධ කරුණු පිළ ිබඳ සැම තොරතුරක්ම ලබාගත හැකිය. බදු වාර්තා මේ වේ. දිවයිනේ සෑම පෙදෙසකම ඇති ඉඩම අතර වැදගත් පිළ ිබඳව මෙහි තැන්පත්ව ඇති කච්චේරි ලේඛන වලින් තොරතුරු අනාවරණය වේ.

    මීට අමතරව අධිලේඛන තුළ ින ් අපිට හමුවන ප්‍රධාන සාධකයක් වශයෙන් සැළකිය හැක්කේ පරිගණක ලේඛන නැතහොත් 1948 සිට නිදහස ලබා දීමෙන ් පසුව රජයේ ලේඛන මෙන ්ම පෞද්ගලික ලිපි එකතුවක් තැන්පතු වීම දැකගත හැකිය. එසේම මෙම පරිගණක ලේඛන ඇතුලට ජනාධිපතිවතිවරයෙකුගේ තම ධූර කාලය අවසන් වූ පසු ඔහු විශ්‍රාම යෑමෙන් අනතුරුව නිල කාලය තුළ භාවිතා කරන ලද සියලුම ලේඛන අද ලේඛනාගාරයට භාරදිය යුතු වේ. එය රාජ්‍ය ආයතනයක් හෝ රාජ්‍ය අනුබද්ධ ආයතනයක් තුළ බිහිවන ලේඛන වර්ෂ 25කට පසු රාජ්‍ය ලේඛන සියල්ල ලේඛනාගාරයට ලබාදීමද මෙහිදී සිදුවන අතර එසේම රාජ්‍ය තුළින් ප්‍රකාශයට පත් කරනු ලබන සියලුම මුද්‍රිත පනත් ආදී සියලුම ලේඛනයන්හි පිටපත් නෛතික හේතුව සඳහා මුද්‍රණකරුවා විසින් දින 30 ක් ඇතුලත අධිලේඛනාගාරයට ලබාදීමද සිදු කළ යුතුවේ. ලේඛනය ආරක්ෂා කිරීමේ දී ලේඛනය ගලේ කොටන ලද
ලිපි හැර අනෙක් සියලුම මාධ්‍යන්ගෙන් ප්‍රකාශයට පත් කරනු ලබන සියලුම තොරතුරු අධිලේඛනයේද ළඟා කර ගන්නා මෙන්ම එය ලේඛනාගාරය තුළ තැන්පත් කොට ඇත. මේ අයුරින් සියලුම මාධ්‍යන්ගෙන් ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු ඉතිහාස ගත තොරතුරු ඉතිහාසය මෙන ්ම පාඨකයාගේ දැනුම සහ තොරතුරු ගවේෂණය මූලික අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරනු ලබන ප්‍රධාන ආයතනයකි. ලේඛනාගාර පනත සංශෝධනය කිරීමේ දී ශබ්ද ඝෝෂා පරිගණක ලේඛන ද ඇතුළත් වන සේ සංශෝධන රාශියක් සිදු කරන ්නට කටයුතු කර ඇති අතර මේ අයුරින් සම්පත් තුළින ් දැකගත හැකි ප්‍රධාන සාධකයක් වන්නේ අධිලේඛනාගාරය තුළ දකින ප්‍රධානම තොරතුරු පාඨකයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කොට ඇති බවයි.

    මේ අවධිය වන විට ද ජාතික අධිලේඛනාගාරයේ 2014 වසරේ සිට ජාතික චිත්‍රපට හා රූපවාහිනි චිත්‍රපට තැන්පතුවක් රැස් කර ඇත. එහෙත් එ ්වා මහජනයා සඳහා පරිශීලනයට විවෘත කිරීමට තවමත් සූදානම් කොට නැත. රාජ්‍ය ආයතනයක් තුළ බිහි වූ ලේඛන වසර 25 කට පසු ලේඛනාගාරයට ලැබෙද්දී හානි වී ඇත්නම් එ ්වා සංරක්ෂණය ඉතා අපහසුය. එබැවින් රාජ්‍ය නිලධාරින් ලේඛන සංරක ්ෂණය පිළිබඳව අවබෝධයෙන ් කටයුතු කිරීම වැදගත් වේ. එසේ ලබා දෙන ලේඛන කළමනාකරණය ආරක්ෂා කිරීම ජාතික අධි ලේඛනාගායේ වගකීම බවට පත්වන අතර නීතිමය තැන්පතු ලෙස 1830 සිට ලංකාව තුළ මුුද්‍රිත සිංහල - දෙමළ - ඉංග්‍රීසි පුවත්පත් ද සඟරා, රජයේ ගැසට් පත්‍ර, හැන්සාඩ් වාර්තා, විහාර ලිපි එකතු ආදිය හා සිතුවම් එකතුවක් ද වශයෙන ් විශාල තොරතුරු ප්‍රමාණයක් ලේඛනාගාරයේ ආරක්ෂා වේ. ඓතිහාසික උඩරට ගිවිසුම ඔබට ලේඛනාගාරයේදී දැකගැනීමට අවස්ථාව තිබේ.එසේම මෙම ලේඛනාගාරය තුළ දැකගත හැකි තවත් කරුණක් ලෙස 1737 දී ලංකාවේ ම ුද්‍රණය වූ පළම ු ග්‍රන ්ථය මෙන ්ම, මුද්‍රිත පළමු සිංහල ග්‍රන ්ථය වන ලන්දේසි යාඥා පොත ද ජාතික අධිලේඛනාගාරයේදී දැකගත හැකි වේ. එය හඳුන්වා දී ඇත්තේ “ප්‍රදාන වූ යාඥාවල් පස ද අපේ ක්‍රිස්තියානි ඇදහිල්ලෙ පංගු දොළහ සහ දෙවි ස්වාමිදුවානන ් වහන්සේම අහස් තලින ් දොවා වදාල ආඥාවල් දසය ද මෙහි ඇත” යනුවෙනි. එයට ලන්දේසීන් ගේ පෙරදිග ඉන්දියානු සමාගමේ ලාංඡනය යොදා තිබේ.ජාතික අධිලේඛනාගාරයේ පවත්නා ලේඛන මහජනයාට විවෘතය. පර්යේෂණ ගවේෂණ සඳහා එ ්වා භාවිත කළ හැකිය. එහෙත් ජනාධිපති විමර්ශන කොමිෂන ් වාර්තා, කමිටු වාර්තා ආදිය බිහි වී වසර 30 ක් යනතුරු මහජනයාට විවෘත නොවේ. එහෙත් එ ්වා විමර්ශනයට අවශ්‍ය නම් ජනාධිපති ලේකම්වරයාගේ ලිඛිත අවසරය මත ජාතික අධිලේඛනාගාරයේ අධ්‍යක්ෂ ඉදිරිපිට දී විමර්ශනය කළ හැකිය.ශ්‍රී ලංකාවේ බිහිවන ලේඛනවල ප්‍රධාන භාරකරුවා ජාතික අධිලේඛනාගාරයයි. එහි හිමිකරු ඒවා බිහිකරන ආයතනයයි. ඇතැම් ලේඛන විමර්ශනය සඳහා එම ලේඛන බිහිකළ ආයතනයන්හි විශේෂ අවසරය 
ලබා ගත යුතුව ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ලේඛනාගාරයේ පෘතුගීසි යුගයේ ලේඛනවල මුල් පිටපත් දක්නට නැත. එහෙත් ඉන් කොටසක් පෘතුගාලයේ හා රියෝද ජැනිරෝ නගරවල දී දැකගත හැකිය යන්න විද්වතුන්ගේ අදහසයි. රාජ්‍ය ලේඛනාගාරය ජාතියට උරුම සුවිශේෂ සම්පතකි. මෙවර සතියේ තේමාව වී ඇත්තේ “ජාතික ලේඛනාගාරය හා වෛද්‍ය ලේඛන” යන්නයි. රජයේ වෛද්‍ය ආයතන (දේශීය හා බටහිර) බිහිකරන ලේඛන මෙන ් ම පෞද්ගලික එකතු ලෙස වෛද්‍ය ග්‍රන ්ථ, මන්ත්‍ර පොත් හා වෙද පොත් ලේඛනාගාරයේ තැන්පත් කර තිබේ.එ ් අයුරින් මේ දක්වා ඇති ආකාරයට මෙම ජාතික ලේඛනාගාරයෙහි පවතින සම්පත් තවද දක්නට ලැබෙන අතර එහිලා විශෙෂයෙන්ම වර්තමානය දක්ව ාවැදගත් වන සමස්ත තොරතුරු පර්යේශකයා වෙත ලබා දීමට උත්සුක වන ආකාරය දැක ගත හැකිය.ලේඛනාගාරයේ පවත්නා නීතිමය තැන්පතු අතරින් ප්‍රකාශන වලට විශේෂ ස්ථානයක් හිමිවන අතර එහිලා මුද්‍රණ ශිල්පීන්ගේ සහ ප්‍රකාශකයන්ගේ ආඥා පනත අනුව 1885 සිට මේ දක්වා වූ ශ්‍රී ලංකාවේ ම ුද්‍රිත ප්‍රකාශන ජාතික ලේඛනාගාරය තුළ තැන්පත් කොට ඇත. තවද ප්‍රවෘත්ති පත්‍ර ආඥා පනතට අනුව මෙරට පල වන ප්‍රවෘත්ති පත්‍ර මෙහි තැන්පත් කරන අතර එ ් අනුව 1832 සිට වර්තමානය දක්වා ඉංග්‍රීසි පුවත්පත් ද 1962 සිට සිංහල පුවත්පත් ඉතා අඩු 1864 සිට ඉතාමත් මලයාලි පුවත්පත්ද මෙහි තැන්පත් කොට ඇති බව පැහැදිලි වේ. එම සම්පත් පාලන පරිපාලනය කිරීම දැකගත හැකි ප්‍රධාන සාධකයක් මෙන්ම ඔවුන ්ගේ සහයෝගිතාවේ ප්‍රධාන ලක්ෂණයක් වශයෙන් පෙන ්වා 
දිය හැකිය.

ලේඛන පර්යේෂණයේදී පාඨකයා වෙත ලබා දෙන දායකත්වය

    ඒ්අනුව ජාතික ලේඛනාගාරයෙන් සිදු කරන ු ලබන පාඨකයා වෙනුවෙන ් කටයුතු කරන ආකාරය පිළිබඳව විමසීමට ලක් කිරීමේදී විවිධ වර්ගයේ පාඨකයන්ට මෙහෙය ද ලේඛන එකතුව උපාධිය පශ්චාත් උපාධි පර්යේෂණ නෛතික අවශ්‍යතාවයන් පරම්පරා ඉතිහාසය සෙවීමට ආදී විවිධ අරම ුණ උදෙසා පරිශීලනය කිරීමට පහසුකම් සලසා එ ් අනුව මෙයින් වෙනස් වන අවස්ථාවන් කිහිපයක් දැකගත හැකි අතර නීතිමය තැන්පතු වෙන්න පොත් සහ වාර සඟරා පරිහරණය කිරීම සඳහා ඉඩ ලබා දෙන්නේ වෙනත් කාලෙකින ් එය ලබාගත නොහැකි නම් පමණකි. එ ් අනුව තවද සමහර රජයේ කොමිෂන ් සභා සහ මෙන්ම පුද්ගලික ලේඛනද පරිහරණයට අවසර ලබා නොදෙන අතර එසේ අවසර ලබා නොදෙන සියලුම තොරතුරු ජාතික ලේඛනාගාරයේ ලබාගත හැකි වන්නේ යම්කිසි නීතිමය නියෝගයක් මත පමණයි. ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන ්තුව ඉතා ප්‍රවේශම් සහගතව ඓතිහාසික ලිප ි ලේඛන පිළිබඳව දැඩි සැලකිල්ලට ලක් වෙමින් ආරක්ෂා කිරීමට කටයුතු කරන ආකාරය පිළිබඳව මෙහිලා සැලකිය හැකි කරුණක් වශයෙන් පෙන්වා දිය හැකිය.ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන ්තුවේ මහනුවර ශාඛා කාර්යාලයේ දී පාඨකයන්ගේ සෙවීම පහසුකම් සලසා දී ඇති අතර පාඨකයන්ට දෙන අයට අමතරව රජයේ දෙපාර්තමේන්තු පෞද්ගලික ආයතන සහ පුද්ගලයින් මගින් හෝ දුරකතනයෙන් කරන විමසීම් වලටද විදේශ විමසීම් වලට පිළිතුරු සැපයීමෙන් පර්යේෂකයාගේ පහසුව විශාල ලෙස සපයන බව පැහැදිලිය. එසේම අවසරලත් පාඨකයන් පුස්තකාලය පරිහරණය කිරීමේ හැකියාව ද ලබා දී ඇති බව එහි පර්යේෂණයක් සඳහා යන ඕනෑම අයෙකුට දැක ගත හැකි කාරණාවකි. එසේම ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ ග්‍රන්ථ සම්භාරයක් මහනුවර ශාඛාවෙහි තැන්පත් කොට ඇත. එ ්වා මිලදී ගැනීමෙන් මෙන ්ම පරිත්‍යාග වශයෙන් ලැබෙන පොත් වලින් මෙම පුස්තකාලය සමන්විත වේ. එහි සේවක සහයෝගීතාවය ද මෙහි ලා ඉමහත් සතුටින් සිහිපත් කිරීම් සිදු කළ යුතුය. ආධාරයෙන් කරනු ලබන හුවමාරු ද එ ්වා මගින ් ඡායා පිටපත් වෙනත් ලේඛනාගාරයකින් හුවමාරු 
කරගැනීම මෙන්ම මේ සේවාවන ් මගින් පර්යේෂකයන්ට එහි නොමැති වෙනත් ලේඛනාගාරය වල පවත්නා ලේඛන ලබා ගැනීමට පවා අවස්ථාව ලබාදීම විශේෂ පාඨක සේවාවක් වශයෙන් තවදුරටත් සලකන බව විද්වතුන් පෙන ්වා දෙනු ලබයි.  එසේම උදෘත නිකුත් කිරීම එහි ප්‍රධාන සේවාවක් වශයෙන් දැකගත හැකි තවත් කාරණයකි.  ඒ් අනුව මහජනතාවගේ සහ රාජ්‍ය ආයතන වල අවශ්‍යතාවයන් සඳහා මෙහි පවතින ලේඛන වලින් සහතික කළ උදෘත නිකුත් කරන අතර ගෘහ මූලික ලැයිස්තු, ඡන්ද දායක නාම ලේඛන, රජයේ ගැසට් පත්‍ර, පුවත්පත් ආදී ප්‍රකාශන මෙන ්ම රාජ්‍ය ප්‍රකාශන, විහාර හා දේවාල ඉඩම්,ධාන්‍ය රෙජිස්ටරය, රජයේ තෝම්බු ආදී ප්‍රධාන වශයෙන් උදෘත ලබාගත හැකි ලේඛන රාශියක් ජාතික ලේඛනාගාරයේ තැන්පත් කොට ඇති බව පැහැදිලි වේ. එපමණක් නොව තමන්ගේ ඉඩම් අයිතිවාසිකම් තහවුරු කිරීමෙහිලා අනන්‍යතාවය ඔප්පු කිරීමට ජනතාවට වැඩියෙන ්ම ලබාදීමට ද මෙහිදී ජාතික ලේඛනාගාරය තුළින් කටයුතු කිරීම දැකගත හැකි ප්‍රධාන කාරණානාවක් වශයෙන් මීට අමතරව පර්යේෂණ කටයුතු ප්‍රකාශන සමාජ කටයුතු සම්බන්ධයෙන ් විවිධ වූත් ආදිය ද ලබා ගැනීම දැකගත හැකි වීමයි. ලේඛනාගාරය සම්බන්ධයෙන් දැකගත හැකි තවත් පර්යේෂණ දායකත්වයක් වශයෙන් උසාවි කටයුතු වල දී සහය වීම පෙන ්වා දීමට පුළුවන. රාජ්‍ය අවශ්‍යතාවයන් මෙන ්ම පෞද්ගලික සහ අවශ්‍යතාවයන් සඳහා මෙම සහාය ලබා දෙන අතර මූලික අයිතිවාසිකම් සහ අනන්‍යතාවයන් මත ඊයේ අවශ්‍ය වන ලේඛන උසාවිවලට ඉදිරිපත් කරමින් එසේම එම ලේඛන වල අඩංගු සාක්ෂි සියල්ලම අවශ්‍ය වූ විට නිලධාරීන ් හරහා උසාවිවලට ලබාදීම සහ එ ් අධිකාරීවරයා විසින් සහතික කරමින් එම උදෘත තැපැල් මාර්ගයෙන ් ද පුද්ගලයා වෙත ලබා දෙන්නට කටයුතු කරයි. එම ක්‍රියාවලිය තුළින ් ද තවදුරටත් පැහැදිලි වන්නේ රාජ්‍ය අවශ්‍යතාවයන් මෙන්ම මහජනතාවගේ ප්‍රධාන අවශ්‍යතාවයන් ද ඉහළ ස්ථානයක තබා ගෙන සිදු කිරීමට යුතුකමක් සේ ඉටු කිරීමට කටයුතු කරන බව මෙහිදී ගත හැකිය. 

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන ්තුව මඟින ් එහි අරම ුණු සහ ක්‍රියාදාමයන් ප්‍රචාරණය කිරීමේ දී විශේෂයෙන්ම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින සහ සම්පත් මූලික වශයෙන් පර්යේෂණකයාගේ ඇස ගැටීමට විවිධ සංවිධාන හරහා වාර්තා පවත්වමින් ප්‍රවාද හා විචාරයන් පවත්වමින් පර්යේෂකයාගේ අවශ්‍යතාවයන් සපුරාලීමට බැඳී සිටින ආකාරය තවදුරටත් ඇතැම් සිදුවීම් මගින් උදාහරණ ලෙස පෙන ්වාදිය හැකිය. එ ් අනුව නිදහස් දින, රාජ්‍ය සාහිත්‍යය දින, මහපොළ, ගම්උදා ආදී රජය විසින ් කරන විවිධ උත්සවවලදී එහිදී ඇති ඓතිහාසික බව සහ එහි පවතින ලිප ි ලේඛන පිළිබඳව ලේඛනාගාරයේ තැන්පත් කොට කරමින් පර්යේෂකයාට තවදුරටත් සහයෝගය ලබා දෙන ු ලබයි. 1979 සිට වාර්ෂිකව ලේඛනාරක්ෂක සතිය පවත්වමින් ඊට අදාලව තේමාවන ් මූලික කරගෙන විවිධ නිලධාරීන් සහ විද්වතුන් හරහා සම්මන්ත්‍රණ පවත්වමින් ඔවුන්ගේ දැනුම් සහ කරුණු ආදිය ප්‍රචාරය කිරීමට ඒ්වා ඒ්කරාශී කිරීමට ජාතික ලේඛනාගාරය සංවිධානය වී ඇත. එසේම ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යයන් සංවිධානය කර ගැනීමෙහිලා කාලීන වැදගත්කමකින් යුතු වූ පර්යේෂණාත්මක කෘති තවදුරටත් ප්‍රකාශයට පත් කරමින් වාර්ෂිකව පවතින ලේඛන සතිය වෙනුවෙන් සමරු කලාපයක් සහ අත්පොත් වැනි දෙපාර්තමේන්තුවේ කාර්යයන් සේවාවන් පිළිබඳව තවදුරටත් විචාරණය කිරීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රකාශිත ප්‍රවෘත්ති පත්‍ර නාමාවලිය මුද්‍රණාල ආඥාපනත අනුව ලියාපදිංචි කරනු ලබන මුද්‍රණාල අනුව ශ්‍රී ලංකාවේ මුද්‍රණ ග්‍රන්ථ නාමාවලිය වැනි සියලුම විරූ ශ්‍රී ලංකා ලේඛනාරක්ෂක දෙපාර්තමේන ්තුවේ තැන්පත් කරමින් පර්යේෂකයාට තවදුරටත් සහාය වන්නේ ළඟා කරගත හැකි අවශ්‍යතාවයන් ඉතාම ඉක්මනින ් තමා වෙත ළඟා කරදීමට කටයුතු කිරීමක් වශයෙනි.

    ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරෙන තවත් විශේෂ සිදුවීමක් වශයෙන් රාජ්‍ය අංශයේ පොත් සහ විවිධ තොරතුරු ක්ෂණිකව ඡායාරූප පිටපත් ගැනීමේ සේවාවක් පාඨකයාට අගනා වශයෙන් උත්සුක වන අතර ජාතික ලේඛනාගාරයේ තැන්පත් අධිලේඛන වල ක්ෂණික ඡායාරූප පිටපත් සාමාන්‍යයෙන් දෙනු ලැබූවද අධිලේඛනය මනා තත්ත්වයේ පවතී නම් ඒ් පිටු තුනක් පමණ ලබා දීමට කටයුතු කරයි.එසේම ජාතික ලේඛනාගාරයේ ඇති ලේඛන වැඩි කොටසක් 17 වන ශතවර්ෂයට එදායින් පසු කාලයට අයත් වන අතර මෙම තත්ත්වය පුරාවිද්‍යාඥයන්ගේ අවධානයට යොමු කිරීමේදී ඇතැම් අවස්ථාවක ජාලයක ආකාරයෙන් පුරාවිද්‍යාඥයන් ඈත් වීම සිදු වී ඇති බව පැහැදිලිය. එ ් අනුව මෙරට පුරාවිද්‍යාඥයන් වැඩිදෙනෙකු පැරණි සම්භාව්‍ය ශිෂ්ටාචාරය අධ්‍යයනය කිරීමට ම ූලික අවශ්‍යතාවයන් දක්වන අතර එහිදී ඔවුහු අතීතයේ සිට මෑත කාලීන සියවස් කිහිපය තුළ එම අතීතය පිළිබඳ අධ්‍යයනය නොකරන නමුත් එම යුගයේ අධ්‍යනය කරන කීපදෙනා අනුව චිත්‍ර හා ගොඩනැගිලි ආකෘති අධ්‍යනය කිරීමේදී ප්‍රධාන දායකත්වයක් සපයා දෙනු ලබන ්නේ ජාතික ලේඛනාගාරය තුිනි. විශේෂයෙන්ම ජාතික ලේඛනාගාරයේ සියලු තොරතුරු පුරා විද්‍යාඥයන් හට ලබා ගැනීමේ හැකියාව ද මූලික වශයෙන් සලකා ඇති බව පැහැදිලිය. එහිදී පුරා ස්ථාන, පුරා කෘති සහ පුරා සමාජ පිළිබඳ පුරෝගාමී අධ්‍යයන තොරතුරු ලබාගැනීමේ හැකියාවක්  පිළිබඳවත් ස්ථාපිත කරන ලද පුරාවිද්‍යා ‍ආයතනයන්ගෙන් පරිබාහිරව වර්ධනය වූ පුරාවිද්‍යා අධ්‍යනයක් පිළිබඳ හැදෑරීමටත් ප්‍රාග් සහ නූතන නූතන යුගයේ පුරාණ විද්‍යාව පිළ ිබඳ හැදෑරීමත් පුරාවිද්‍යා විෂයේ ඉතිහාසය ගොඩනැගීමත් ආදී කරුණු සහ රාශියක අධ්‍යනයක් ලබාගැනීමේ හැකියාවද ජාතික ලේඛනාගාරයේ ඇති වී ඇති බව ඇතැම් විද්වතුන් ම ූලික වශයෙන් සාධක දෙමින් දක්වයි.

    විද්වතුන් පෙන්වා දෙන ආකාරයට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව  තුළින් ඉදිරිපත් කරනු ලබන සමහර වෙනත් ලබා ගැනීමට නොහැකි වන නමුත් ඇතැම් පුරෝගාමින් විසින ් කරන ලද සමහර වාර්තාවක ් මම පුරාවිද්‍යාඥයන් විසින් ලියනු ලබන බවට වඩා ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බවින් ඉහළ බවින් යුක්ත වීමත් මෙම පුරාවිද්‍යාව විෂය ලේඛනාගාරය යොමු වීම දැකගත හැකි ප්‍රධාන සාධකය ලෙස පෙන ්වා දිය හැකිය. පුරාවිද්‍යාඥයින ් හමුවේ ඔවුන ්ගේ කරුණු සහ සාර්ථකත්වයන් ප්‍රකාශ කිරීමේදී විවිධ තොරතුරු අධ්‍යයනය කිරීමට ද ලේඛනාගාරය සහයෝගය ලබා දෙනු ලබය ි. ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ම ුලින්ම පරිහරණය කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලියනු ලබන වාර්තාවන ් නොව වගා කම වගාකරුවන ් සිවිල් නිලධාරීන් මානව විද්‍යාඥයින ් සහ ස්වභාවික විද්‍යාඥයින ් විසින ් තබන ලද වාර්තාවන ් අධ්‍යනය කිරීමට ම ූලිකව කටයුතු කරන ු ලබය ි. එසේ එම වාර්තාවන ් උඩරට වතු වගාව සම්බන්ධව ඇතැම් ලියවිලි අතර ජාතික කෞතුකාගාරය සහ ඛනිජ සමීක්ෂණ දෙපාර්තමේන ්තුව වැනි ආයතන ලිපියක ද දක්නට ලැබේ. එන අතර එමගින ් ඇතැම් වාර්තා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන ්තුවෙන් පමණක් සීමා වී ඇති බව පැහැදිලිය.
 

නිගමනය

    මේ අයුරින් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන ්තුවේ අධිලේඛන අධ්‍යයනය කිරීමේදී පර්යේෂකයාගේ අවශ්‍යතාවයන් මූලික වශයෙන් සම්පූර්ණ කරන්නට ක්‍රියා  කරන සහ එහි දායකත්වය පිළිබඳව මැනවින් තේරුම් ගත හැකිය. එහිලා සම්පත් පරිහරණය කිරීමේදී ලබා දෙන මූලික මාර්ගෝපදේශය සහ එහි සාමාජිකත්වය ලබා දීමේදී පවා ඉතා සැලකිලිමත් කරුණු රාශියකට ගොනු වෙමින් ඒවාට අනුක ූලව කටයුතු කිරීමට දෙපාර්තමේන ්තුව බැඳී සිටින ආකාරය විශ්වසනීයත්වය රැක ගැනීමේ ප්‍රධාන කාරණාවක් බව පැහැදිලිය. එපමණක් නොව ආයතනයේ ද පර්යේෂකයෙකු වූ සේවාවන් ලබා ගැනීම සඳහා පැමිණීමේ දී ම ුලින ්ම එහි විමසුම් කවුළුව ඇමතීමේදී පවා එතැන් සිට සියලුම සේවාවන් ඉතා සුහදශීලී සහ පර්යේෂකයාට ගැටළු නොවන අයුරින ් ලබා දීමට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මූලිකව බැඳී සිටින අතර එය නොපිරිහෙලා ඉටු කරමින් කටයුතු කරය ි. උක්ත කරුණු අධ්‍යයනය කිරීමේදී මූලිකවම තව තවදුරටත් අපට දැකගත හැකි වන්නේ එ ් ඒ විවිධ අංශ මගින ් යොම ු වූ පර්යේෂකයාට ඉතාම පහසුවෙන් ළගා වීමට පවා හැකියාවක ් ලබා දෙන ස්ථානයක් වශයෙන් මෙහිදී ම ූලික වශයෙන් නිගමනයකට ළඟාවිය හැකිය. එය පර්යේෂකයාගේ මෙන ්ම සේවය සපයන්නාගේ විශ්වසනීයත්වය සහ ගෞරවාදරය මැනැවින් වර්ධනය වීමට ප්‍රධාන සාධකයක් වන බව නිසැකය.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය


ඓතිහාසික පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස ජාතික ලේඛනාගාරයේ වැදගත්කම,“ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා පර්යේෂණ සඳහා මූලාශ්‍ර ආයතනයක් වශයෙන් ජාතික ලේඛනාගාරයේ වැදගත්කම” ජාතික ලේඛනාරක්ෂක සතිය වෙනුවෙන් නිකුත් කරන සමරු කළඹ -1999, (කොළඹ 07,රීඩ් මාවත, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව,1999.)
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, 
https://www.archives.gov.lk/web/index.phpoption=com_content&view=article&id=234&Itemid=165&lang=si 

ටෙක්ලා පද්මිණි කාරියවසම්, රාජ්‍ය ලේඛනාගාරය, 
https://web.facebook.com/media/set/?set=a.977577858955467.1073742215.241313609248566&type=3&_rdc=1&_rdr 

විමර්ශන, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ආයතන වලට, පර්යේෂකයින්ට හා පොදු මහජනතාවට ලබාගත 
හැකි අගනා සේවාවන් පිළිබඳ විමසුමක්, 
http://repository.kln.ac.lk/bitstream/handle/123456789/5072/RHIS-8.pdf?sequence=1&isAllowed=y

No comments:

Post a Comment