Friday, 2 July 2021

කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය

 

කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය

            බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට ශ්‍රී ලංකාව පත් වීමෙන් පසු සමාජ ,ආර්ථික, දේශපාලනමය, වශයෙන් බොහෝ වෙනස්කම් රාශියක් සිදුවිය එයට බ්‍රිතාන්‍යයන් විසින් ඇති කරන ලද ප්‍රතිසංස්කරණ හේතු වූ බව සඳහන් කළ යුතු එම ප්‍රතිසංස්කරණ අතුරෙන් 1829 දී ඇතිවූ කෝල් බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය ඉතා සුවිශේෂී හැරවුම් ලක්‍ෂක් බවට පෙන්වා දිය හැකි ය. ලංකා ආණ්ඩුවේ ආදායමට වඩා වැඩි වූ පරිපාලන වියදම් බ්‍රිතාන්‍ය භාණ්ඩාගාරයට පිය වන්නට සිදුවීම නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ විරෝධතා හා විවේචනය ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ පරිපාලන හා මූල්‍ය කටයුතු විමර්ශනය කිරීමට 1829 දී පැමිණි විලියම්ස් කෝල් බෲක්  මහතාද අධිකරණ හා නීතිය සම්බන්ධව අදාළ යෝජනා සඳහා 1830 දී පැමිණි චාල්ස් හේ කැමරන් නැමැති නීතිවේදී අද ඉදිරිපත් කළ අදහස් හා යෝජනා කෝල්බෘක් කැමරන් යෝජනා ලෙස හඳුන්වනු ලැබේ. 

    මෙම කෝල් බෲක් කැමරන් යෝජනා වල මූලික අරමුණ වූයේ මෙරට පැවැති ආර්ථික තත්ත්වය වර්ධනය කර වියදම් අවම කර ගනිමින් උපරිම ලාභ උපයා ගැනීමය. ඒ සඳහා සදහා ඔවුන් විසින් ඉතා වැදගත් වූ ද දීර්ඝ කාලීන ප්‍රතිඵල බලාපොරොත්තු වූ ද පිළියම් ඉදිරිපත් කරන ලදී.

 ඒවා ලෙස 

  • රාජකාරි ක්‍රමය අහෝසි කිරීම.
  • රජයේ වෙළෙඳ ඒකාධිකාරී අවලංගු කිරීම.
  • සිවිල් සේවය ප්‍රතිසංවිධානය කිරීම.
  • නියෝජන ආණ්ඩු ක්‍රමය හඳුන්වා දීම.
  • ආණ්ඩුකාරයාගේ බලතල සීමා කිරීම.
  • ඒකීය පාලන ක්‍රමයක් ඇති කිරීම.
  • පළාත් බෙදීම වෙනස් කිරීම.
  • ඉංග්‍රීසි භාෂාව හා බටහිර අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම.
  • යැපුම් කෘෂිකර්මාන්තය වෙනුවට වතු ආර්ථිකය වර්ධනය වීම.

                                                                                                    යනාදිය පෙන්වා දිය හැකිය

        රාජකාරී ක්‍රමය යටතේ මෙරට පැවතියේ එක්තරා විදියකට වැඩවසම් ක්‍රමයකි. ධනවාදය ට පෙර ලෝකයේ පැවති ක්‍රමය වූයේ එයයි. මෙම වැඩවසම් ක්‍රමය යටතේ සාම්ප්‍රදායික නීති රීති මග රීති මගින් මිනිසාගේ නිදහස සීමා වී තිබිණි. රාජකාරී ක්‍රමය යටතේ ශ්‍රමය  නිදහස් නොවූ බැවින් ශ්‍රම සංචලනයට ද ද බාධා පැවතුණි. බ්‍රිතාන්‍යයන් මෙරට සිදු කිරීමට බලාපොරොත්තු වූ ආර්ථික කටයුතු සඳහා මෙරට ශ්‍රම සංචලනය අවශ්‍ය විය. මහා පරිමාණයෙන් කෙරුණූ වතු වගාව සඳහා ශ්‍රමයට අධික ඉල්ලුමක් ඇති විය. රාජකාරි ක්‍රමය අහෝසි කිරීමත් සමග ශ්‍රමය නිදහස් වූ අතර මම සංචාරණය ට ද ඇතිවිය. ඒ හරහා කුලය මත රැකියාව සිදුකරන ක්‍රමය වෙනුවට හැකියාව මත රැකියාව සිදුකරන නිදහස් ශ්‍රමය වෙළෙඳපොළ මෙරට බිහි විය. 

එය මෙරට ආර්ථිකයට මෙන්ම සමාජ ක්‍රමය පරිවර්තනයට බලපෑවේ කලින් පැවති ක්‍රමය යටතේ ශ්‍රමය සැපවූයේ වැටුප් වෙනුවෙනි. ශ්‍රමයට ඇති ඉල්ලුම හා සැපයුම අනුව වැටුප් තීරණය වන අතරම වෙළඳපොළක් ඇති වූයේ රාජකාරී ක්‍රමය අහෝසි වීම නිසාය. 

            මෙරට ධනේශ්වර ආර්ථිකයක් වර්ධනය වීමේ දී අනෙක් උත්පාදන සාධක පිළිබඳ සංචලතාව ඇති වන්නේ ද රාජකාරි ක්‍රමය අහෝසි කිරීමත් සමගය.ශතවර්ෂ ගණනාවක් තිස්සේ භූමිය යෙදී තිබුණේ සාම්ප්‍රදායික කටයුතු වෙනුවෙනි. වැඩවසම් නීතිරීති මඟින් එය තීරණය විය. උපරිම ඵලදාව ලබා ගත හැකි කටයුතු සඳහා භූමිය යොමු නොවීය .එයට බාධකය වූයේ රාජකාරි ක්‍රමය යි. මිනිසුන් තුළ මේ හේතුවෙන් ව්‍යවසායකත්වය දක්නට නොලැබුණි.රාජකාරි ක්‍රමය අහෝසි කිරීමත් සමග භූමිය වැඩවසම් බැමිවලින් නිදහස් විය.වතු වගාව ප්‍රවාහනය සහ වෙනත් කටයුතු සඳහා ඉංග්‍රීසීන්ට පහසුවෙන් ඉඩම් ලබා ගැනීමට හැකිවූයේ ඉන් පසුව ය.ව්‍යවසායකත්වය නැමැති ධනේශ්වර රක්ෂණය වර්ධනය වූයේ ද ප්‍රාග්ධන සම්පාදනය පුළුල් වූයේ ද රාජකාරි ක්‍රමය අහෝසි කිරීමෙන් පසුවය.19 වැනි ශත වර්ෂයේදී යුරෝපීන් විසින් සිදුකරනු ලැබූ කටයුතු වල අවසාන ප්‍රතිඵලය දෙස වර්තමාන ධනවාදී ක්‍රමය බිහි වූ බව සඳහන් කළ හැකිය. 

    නිදහස් ආර්ථිකයක රජය ආර්ථික කටයුතුවලින් ඉවත් වී සිටිය යුතුය පෞද්ගලික ව්‍යවව ව්‍යවසාය ට කටයුතු කිරීමට නිදහස ලැබෙන්නේ ද ඔවුන් අතර තරඟයක් ඇති වන්නේ ද එවිටය.  ර්‍

    දහනව වන ශත වර්ෂයේ දී එංගලන්තයේ මේබඳු  මතයක් දක්නට තිබිණි. එය රාජ්‍ය නිර්බාධවාදය නමින් හැඳින්විණි. එංගලන්තයේ ධනේශ්වර ක්‍රමය වර්ධනය වීමට එය බෙහෙවින් උපකාරී විය. කෝල්බෘක් කොමිසම ලංකාවට පැමිණෙන විට රජයේ වෙළෙඳ ඒකාධිකාරය ද, කුරුදු ඒකාධිකාරයක් ද,තිබිණ. ආර්ථික කටයුතු කෙරෙහි පුද්ගලයන්ගේ උනන්දුව අඩු වීමට එයද එය බල පෑවේය .කෝල්බෘක් කොමිසම විසින් මෙම වෙළෙඳ ඒකාධිකාරය අහෝසි කිරීමෙන් පසුව ආර්ථික ක්ෂේත්‍රයේ නිදහස් වාතාවරණයක් ඇතිවිය.තමන් කැමති ආර්ථික කටයුතුවල යෙදීමට පුද්ගලයන්ට ඉඩ ලැබෙන රජයේ මැදිහත්වීම ලදී. මේ නිසා 1833 පසුව යුරෝපීය ව්‍යාපාරිකයෝ විශාල ලෙස ලංකාවට පැමිණ ඉඩම් ලබාගෙන ව්‍යාපාරික භෝග වගා කිරීමට පටන් ගත්හ කෙටි කාලයක් තුල විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය විය.වතු වගාව පමණක් නොව ප්‍රවාහනය,අපනයනය,ආනයන,වෙළඳාම, අභ්‍යන්තර වෙළෙඳාම බැංකු හා රක්ෂණ කටයුතු යන ආදිය ද දියුණුවට පත් විය. එමගින් ධනවාදී ආර්ථිකයක් බිහි විය. 

        යටත් විජිත පාලන සමය තුළදී ක්‍රමිකව ධනවාදී ආර්ථික මූලධර්ම තහවුරු වත්ම භාණ්ඩ හුවමාරු ආර්ථිකයේ සිට මූල්‍ය ආර්ථිකයකට මාරුවීම ද සිදු විය.විශේෂයෙන් ඒ සඳහා කෝල් බෲක් ඇති කළ වාණිජවාදී අර්ථ ක්‍රමය හේතුකාරක විය.

        එමෙන්ම මෙම වතු වගාවට අවශ්‍ය මූල්‍ය ආයෝජනය කිරීමේදී වැවිලි කරුවන්ට ණය සැපයීමට මූල්‍ය ආයතන ද ක්‍රමිකව වර්ධනය විය. මේ අනුව ලංකාවේ ප්‍රථම ප්‍රථම බැංකුව වූ ලංකා බැංකුව වර්ෂ 1841 දී පිහිටුවන ලදී. මෙම මූල්‍ය ආයතන හා බැංකු ක්‍රමයක අවශ්‍යතාව පැන නැගුනේ වතු වගාව සමගිනි.මෙයා කාරයට මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය ලබා දුන්නේ ඉතාම ඉඩම් උකසට තබා ගැනීමෙනි.කෙසේ වෙතත් මේ සමගම මූල්‍ය නීති හා රෙගුලාසි මෙරට ට හඳුන්වා දීමටද බ්‍රිතාන්‍යයන් කටයුතු කළේය. එමෙන්ම මහා පරිමාණ වතු වගාව සඳහා යන්ත්‍ර සූත්‍ර හා වගා කිරීමේ නව විද්‍යාත්මක ක්‍රමයක් නැති කිරීමටද කටයුතු කළේය.

        ඒ සමග විවිධ බෝග සඳහා පර්යේෂණ මධ්‍යස්ථාන පවා පිහිය මධ්‍යස්ථාන පවා බිහිවිය. මේ හරහා කෘතිම පොහොර භාවිතය ද මෙරට ඇති විය. එමෙන්ම ලංකාවේ මහා මාර්ග තැනීම ආරම්භ වන්නේ හා අවශ්‍ය වන්නේ ද වතු වගාව සමඟ සිදුවන නිෂ්පාදනයන් කොළඹට ගෙන ඒම සඳහා දියුණු මහා මාර්ග පද්ධතියක් සහ දුම්රිය මාර්ග පද්ධතියක් ද මෙරට ඇති කළ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වන පණිවිඩ හුවමාරු ක්‍රමයක් අත්‍යවශ්‍ය වූ අතර ඒ සඳහා මෙරට තැපැල් සේවයක්  ද ආරම්භ විය. එමෙන්ම සන්නිවේදනය දියුණු වීමක් ලෙස විදුලි පණිවිඩ ක්‍රමය හා දුරකථන ක්‍රමය ආරම්භ විය. මේ අනුව  1903 වන විට මෙරට තැපැල් කාර්යාල 340 ක් දැකිය හැකිව තිබුණි. කෝල් බෲක් ප්‍රතිසංස්කරණ හරහා මෙරට ඇති කරන ලද රජයේ වෙළෙඳ නාම ඒකාධිකාරී අවබෝධ කිරීමේ යෝජනාව හරහා විවෘත වෙළඳපොළ ක්‍රමයට අවශ්‍ය පසුබිම පිළියෙල විය රජය අතර පැවැති වෙළඳාම පුද්ගලික අංශයට විවෘත විය ඒ හරහා අද පවතින තරඟකාරී ආර්ථික රටාව බිහි විය.

            පරිපාලන වියදම් අඩුකර අඩු කර ගැනීමේ පියවරක් ලෙස ඇතැම් දෙපාර්තමේන්තුව වසා දැමීමටත්, සමහර ඒවා ඒකාබද්ධ කිරීමටත්,සිවිල් සේවකයන්ගේ සංඛ්‍යාව මෙන්ම ඔවුන්ගේ වැටුප් අඩු කොට විශ්‍රාම වැටුප් අවලංගු කිරීමටත් යෝජනා කෙරිණ. මේ නිසා නිලධාරීන්ට සිදුවන අලාභය මගහරවා ගැනීම සඳහා වතු වතුවගා ව්‍යාපාරය යෙදීමට ඔවුන්ට ඉඩ ලබාදිය යුතු යැයි නිර්දේශ කෙරිණ. මෙහි ප්‍රතිඵලය ලෙස නිලධාරීන් පාලන කටයුතුවලින් ඈත් වී ධනෝපායන(ව්‍යාපාරික) කටයුතුවලට යොමු වීමයි.19 ශත වර්ෂයේ මුල් භාගයේ දී සිවිල් සේවකයන් වතු වගාවේ පුරෝගාමීත්වය ගැනීමෙන් ඒ බව මනාව ගම්‍ය වේ. එම යෝජනා නිසා දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් සිවිල් සේවාවෙන් ඉවත් වී යාමය ප්‍රවණතාවට ප්‍රතිකර්මක් ලෙස ආණ්ඩුවේ උසස් තනතුරු සඳහා අඩු වැටුපකට ලාංකිකයන් යොදවා ගත යුතු යැයි ද යැයිද ඔවුන් ඊට පුහුණු කිරීම සඳහා රජයේ ඉංග්‍රීසි පාඨශාලා ඇතිකොට ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කළ යුතු යැයිද ඔහු යෝජනා කළේය. සිවිල් සේවකයන්ගේ මූලිකත්වයෙන් සිදු වූ වතුවගාව ධනේශ්වර ආර්ථිකයේ වර්ධනයට බලපෑවේය.

        එංගලන්තයේ පෞද්ගලික ව්‍යවසායක ආර්ථික වර්ධනය වීමේදී ආණ්ඩු ක්‍රමය සම්බන්ධයෙන් දී ආණ්ඩු ක්‍රමය වෙනස්වීම ද එයට උපකාරී විය. රජු වෙත තිබුණු අසහාය බලතල ක්‍රමයෙන් සීමා කර නාම මාත්‍රික රජු කෙනෙක්  බවට පත් කරන ලදී . කෝල් බෲක් කොමිසම ලංකාවට පැමිණෙන අවස්ථාවේ රජුගේ නියෝජිතයා ලෙස ආණ්ඩුකාරයා මෙරට පාලන කටයුතු ගෙන ගියේ ය.ප්‍රාග්ධන හිමියන්ගේ හිමියන් ගේ අනාගත කටයුතු වලට මේ අය අහිතකර විය. ඒ නිසා ඔවුන්ගේ බලතල සීමා කිරීමට යෝජනා කරන ලදී.ඉන්පසුව ලංකාවේ ද ප්‍රාග්ධන හිමියන්ට හිතකර වාතාවරණයක් ඇතිවිය. යුරෝපීය වයාපාරිකයෝ ද විශාල ලෙස පැමිණ මුදල් ආයෝජනය කිරීමට ද පෙළඹෙන ලදී.

        නියෝජන ආණ්ඩු ක්‍රමය පිළිබඳ යෝජනාවක් පිළිබඳව යෝජනාවන්ද කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණය තුලින් ඉදිරිපත් කරන ලදී.එමඟින් වියදම අවම කර උපරිම ලාභ උපයා ගැනීම අවධානය යොමු කරන ලද ව්‍යවස්ථාදායක සහ විධායක සභා පිහිටුවනු ලැබුවේ ද කෝල්බෘක් කොමිසමේ නිර්දේශ අනුව ය.එංගලන්තයේ ධනේශ්වර පංතියේ අවශ්‍යතා ඉටු වන අන්දමට රජුගේ බලය සීමා සීමාකර පාර්ලිමේන්තුව (ව්‍යවස්ථාදායකයේ) බලය පුළුල් කරන ලදී .ප්‍රාග්ධන හිමියන්ට තමන්ගේ නියෝජිතයන් පත් කර යවා ඒවා තමන්ට හිතකර නීති ව්‍යවස්ථාදායකය තුළ සම්මත කර ගැනීමට හැකිවූයේ නියෝජන ආණ්ඩු ක්‍රමය පුළුල් වීම නිසා ය. එවැනිම තත්ත්වයක් ලංකාවේ ඇති කිරීම සඳහා ව්‍යවස්ථාදායක හා විධායක සභා පිහිටුවා නියෝජනය ක්‍රමයෙන් පුළුල් වන පරිදි සකස් කරන ලදී .

                යුරෝපීය ව්‍යවසායකයන් ලංකාවට පැමිණ වතු වගාව, ප්‍රවාහනය, බැංකු රක්ෂණය ,වෙළදාම ඉංජිනේරු කටයුතු වන ආදී සංසාර විශාල ලෙස මුදල් ආයෝජනය කිරීමට පෙළඹෙන ලද්දේ, තමන්ට වාසිදායක ලෙස ක්‍රියාකරන නියෝජන ආණ්ඩුක්‍රමයක් 1833 දී සකස් කර දුන් බැවිණි. දහනව වැනි ශතවර්ෂයේ යුරෝපා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය නිෂ්පාදන සාධක ඉතා පහසුවෙන් ලබාගැනීමට හැකිවූයේ ව්‍යවස්ථාදායකය තුළින් සම්මත කරගත් ආඥා පනත නිසාය. 1840,1856,1872 සහ 1897 ආඥා පනත් වතු වගාව සඳහා ඉඩම් ලබා දුන් ආකාරය ඉතා වැදගත් වේ. ධනවාදී රාමුවක් වර්ධනය වීමට අවශ්‍ය පියවර රජය විසින් ගනු ලැබුවේ ද යන්න පිළිබඳව නිරතුරුවම විමසිල්ලෙන් සිටීම ප්‍රාග්ධන හිමියන්ට අවස්ථාව ලැබුනේ නියෝජන ආණ්ඩුක්‍රමය තුළිනි.

  •    ව්‍යවස්ථාදායක සභාව
  •  ආණ්ඩුකාරවරු (ප්‍රධානියා)


සාමාජික සංඛ්‍යාව 15 

නිල් ලත් නවයයි                                    නිල නොලත් හයයි 

රාජ්‍ය නිලධාරීන් තිදෙනා යුරෝපීයන් වෙනුවෙන් 03 

ආණ්ඩුවේ ප්‍රධාන ගණන් පරීක්ෂක සිංහලයන් වෙනුවෙන් 01

යුද්ධ  සේනාධිපති ද්‍රවිඩයන් වෙනුවෙන් 01 

ඉඩම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා බර්ගර් වරුන් වෙනුවෙන් 01 

රේගු ප්‍රධානියා 

බස්නාහිර පළාතේ හා මධ්‍යම පළාතේ ඒජන්තවරුන් දෙදෙනා 

            ධනවාදී රාමුව තුළ ආර්ථික වර්ධනය සඳහා දේශපාලන ඒකාබද්ධතාව තිබිය යුතු ය. ආර්ථිකය ඒකාබද්ධතාව ඇති වීමට මෙය අවශ්‍ය වේ. උඩරට සහ පහත රට වශයෙන් වෙන් වෙන්ව පැවති පාලනය අහෝසි කොට මුළු දිවයිනටම ඒකීය පාලනයක් යෝජනා කිරීමට කෝල් බෲක් කොමිසම තීරණය කරන ලදී. 1833 පසු හඳුනා දෙන ලද ඒකීය පාලන ක්‍රමය තවමත් දක්නට ලැබේ. දහනම වැනි ශතවර්ෂයේ සිට මේ දක්වා ධනවාදී පරිවර්තනයට මේ පාලන ක්‍රමය උපකාරී විය. 

පරිපාලන ඒකක 16ක් වෙනුවට එය පළාත් පහකට බෙදීමට කෝල් බෲක් කොමිසම යෝජනා කරන ලදී. 

ඒ අනුව

උතුරු පළාත පළාත -යාපනය

බස්නාහිර පළාත - කොළඹ

නැගෙනහිර පළාත - ත්‍රිකුණාමලේ

දකුණු පළාත - ගාල්ල

මධ්‍යම පළාත - මහනුවර

        යනාදි වශයෙන් ඒ ඒ නගර මධ්‍යස්ථාන කර ගනිමින් ඒ ඒ පළාත් පහ බෙදන ලදී. එමඟින් පරිපාලන වියදම් අඩුකර ගැනීම මෙන්ම උඩරට ප්‍රදේශ වල පැවති එක්සත් කාව්‍ය බිඳ දැමීමත් උදෙසා කොමිසම අරමුණ වන ලදී . 

        කෝල්බෘක් කොමිසම ඉංග්‍රීසි භාෂාව සහ බටහිර අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමෙන් වැවිලි ආර්ථිකය පවත්වා ගෙන යාමේදී අවශ්‍ය වූ සේවක පිරිස් බිහි කරගැනීමට උපකාරී විය. එසේ ම ධනේශ්වර ආර්ථිකයේ වර්ධනයට හිතකර පරිදි ජීවත්වීම අගයකරන මිනිසුන් පිරිසක් ඇති කිරීමටද හේතුවිය. ලාංකිකයා ගේ සිතුම් පැතුම් ආකල්ප සහ සාරධර්ම ඉංග්‍රීසින්ට අවශ්‍ය ලෙස ධනවාදී රාමුවකට ගැලපෙන අන්දමට හැඩගැසෙන්නේ මෙයින් පසුවය.

            යටත් විජිත පාලනය තහවුරු කිරීමට පෙර ශ්‍රී ලංකාවේ පැවතියේ සාම්ප්‍රදායික ආර්ථික ව්‍යුහයකි. එහි පදනම කෘෂිකර්මාන්තය විය. විශේෂයෙන් වී ගොවිතැන පදනම් කරගත් ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය පැවැති නියත අවශ්‍ය ආකාරයටයටිතල පහසුකම් වර්ධනය වී තිබීම ද දැකිය හැකිය. එම නිසා මෙරට සමාජයට ආවේනික වූ වැඩවසම් ලක්ෂණ සහිත ආර්ථිකයක් මෙරට පැවැත්වුණු මෙම සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමය ක්‍රමිකව පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි පාලන සමය තුළ වෙනස් වූ අතර එය විධිමත් වෙනසකට ලක් වූයේ 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය සමඟය.